ට්‍රැකින් ඵපා වෙන්න ගිය සුපිරිම වෙනසක් කල Trekking ඵක" (දුර 45Km පයින්ම)

Written on 15th March 2020.

ට්‍රැකින් ඵපා වෙන්න
Travel Guys ගිය සුපිරිම වෙනසක් කල  Trekking ඵක" (දුර 45Km පයින්ම)




.

ඔහිය / හෝර්ටන් තැන්න /ලෝකාන්තය /යක්ෂයගේ පඩිපෙල /බඹරකන්ද /ළංකා අැල්ල/ වංගෙඩි ගල/ කළුපහන ඩබල් බීජ්.
(ට්‍රීප් ඩෙට් _මාර්තු 7/8/9),

ඉතින් යාළුවනෙ මෙ ට්‍රීප් ඵක අපි ප්ලැන් කරලා තිබුනේ ට්රෙන් ඵකේන් ඔහියට යන්න ඵතන ඉදලා ට්‍රැකින් ඵකක් කරන්න.

(2020 මර්තු 06 සිකුරාදා )
රාත්‍රි 8.30 කොළඔ කොටුව ස්ටේෂන් ඵකෙන් බදුල්ලට යන නයිට් මේල් ට්රේන් ඵකට සෙට් වෙන්න කස්ටිය ඉවසිල්ලක් නැතිව බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන පට්ට ෆන් ඵකේ ඵදාා උදෙ ඡොබ් ඵකට යනවා. අපි යාළුවෝ තුන් දෙනෙක්ම ඵකම කම්පනි ඵකක වර්ක් කරන නිසා නිවාඩු ගන්න ප්‍රශ්නත් තිබුනා නමුත් අපි හැමදෙම නියමෙට ප්ලෑන් කරලා තිබුනෙ.
අපේ සෙට් ඵකෙ ගොඩක් අය ඡොබ් කරන නිසා අපි සෙට් ඵකට මුදල් ප්‍රශ්න නම් තිබුනේම නැ. "සල්ලි නමි වානා නිවාඩු තමා ඔනා", ඵහෙම තමයි අපි හිතාගෙන හිටියේ. අද අපි තුන් දෙනාම ට්‍රයි කලේ හාෆ් ඩේ ඔෆ් වෙන්න but no chance. ඔන්න ඉතින් අද සෙට් ඵකටම පඩිත් හම්බවුනා. පට්ටම සතුටුයි. ඉතින් අපි හිතුවා සෙනසුරාදා උදේම තියෙන ට්රේන් ඵකක් අල්ලගන්න
නමුත් නිවාඩු කැන්සල් වෙලා"
සෙනසුරදාා (7 වෙනිදා) අනිවා වර්ක් කරන්න ඔන කියලා හවස් වෙද්දි අපිට දැනගන්න ලැබෙනවා කස්ටියට පට්ටම අවුල් ඉතින් මොකද කරන්නෙ අන්තිම මොහොතෙදි පලැන් ඵක වෙනස් කරන්න සිද්ද වුනා. අපි තුන් දෙනා සෙට් ඵකෙ අනිත් උන්ගෙන් කන පැලෙන්න අහ ගත්තා.

අවුලක්ම නැ ඉතින් මොකද කලෙ සෙනසුරාදත් වර්ක් කරලා 1.30 pm off වෙලා අපි දෙන්නෙක්  ඔෆීස් වෙහිකල් ඵකේන්ම යනවා කැම්පින් ටෙන්ට් ඵකක් හොයාගෙන කොළඔ කෝට්ටේ තියෙන Tent House වලට.  නියම වෙලාවටම හය දෙනෙක්ට ඉන්න පුලුවන් කෑම්පින් ටෙන්ට් ඵකක් ගන්න පුලුවන් වෙනවා දැන් ඉතින් තිබුන ලෙකුම ප්‍රශ්නයක් විසදුනා.

ඉතින් ටෙන්ට් ඵකත්  කර ගහගෙනම  අපි තුන් දෙනාම කොළඔ කොටුවෙ සොපින් පාරකුත් දාාගෙන ගමනට ඔන කරන හැමදෙම ඵකතුකරගෙන අපේ සෙට් ඵකෙ අනිත් දෙන්නා ඵනකන් කොළඔ කොටුව ස්ටේෂන් ඵකේ චැටක් දාගෙන බලාගෙන ඉන්නවා. කතාකරගත්තු වෙලාවටම ඵයාලත් සෙට් වෙනවා.
දැන් තමයි මතක් වෙන්නෙ සීට් බුක් කලානම් හොදයි කියලා මොකද රාත්‍රි 8.30 නයිට් මේල් ඵක ෆූල් වෙනවා කියලා අපට දැනුන නිසා. පට්ටම සෙනගක් හිටියා ඵකට.  ඉතින් සෙට් ඵකම ට්රේන් ඵකට පැනගෙන සීට් අල්ලගත්තා. ඵක පට්ට ගේම් ඵකක්. ඔයාලා යනවනම අනිවා බුකින් දාාගන්න ට්‍රයි කරන්න. බුකින් දාානවනම් ඩෙට් ඵක වෙනස් වෙන්නේ නැතිනම් තමයි හොදම දේ

ඉතින් පැය 9 කට පස්සෙ අපි ඔහියට ලගා වෙනවා උදෙ 5.30 am. මාරම සතුටුයි නමුත් සුපිරිම සීතලයි. ඉක්මනටම සීතලට අදින අැදුම් දාගෙන සීතලෙ ගැහි ගැහි වොස් රැම් ගිහිල්ල අයිස් වගේ වතුරෙන් මුන කට හොදගෙන අනිත් ඔන දෙවල් ටිකත් කරගෙන refresh වෙලා  ලගම තියෙන කඩෙකට ගිගින් සැරම සැර කොච්චි දාලා හදපු කට්ට සම්බල් ඵක්ක රොටි කාලා කෝපි බීලා උදෙ 7.30 am ගමන පටන් ගත්තා.

පයින් යන ගමන් ගත්තු පින්තුර බැලුවම ඔයාලට ඵ ගමනෙ තියෙන ලස්සන තෙරැම් ගන්න පුලුවන් වෙවි. ඉතින් ගත්ත ෆන්,ඵක්ස් පීරියන්ස් ඵක, කාපු කටු ගැන ලියන්නෙ නැ මොකද ඵකේ අාතල් ඵක තියෙන්නෙ කියනකොට නෙවෙයි විදිනකොට ඉතින් ට්‍රයි කරන්න. ප්‍රවේශමෙන් ගිහින් බලන්න. තව දෙයක් කියන්නම්  සිතලට අදින අැදුම් ගෙනියන්න අමතක කරන්න ඵපා.

Written on 22nd Mar 2020.
ඉතින් සෙට් ඵකෙ ගොඩක් අයගෙ කැමැත්ත උනේ ලගදි කරපු ට්‍රැකින් ඵකෙ විස්තර නොලියා ඉන්නවට වැඩිය ලිව්වනම් ගොඩක් හොදයි අනිත් අයටත් තොරතුරැ දැනගන්න හොදම විදිය ඵක කියලා. ඉතින් හැමදෙටම වෙලාවක්  හොයාගන්න ඔනෑ කොරෝනා නිසා ගෙදරට වෙලා නිකම්ම ඉන්න බැරි හින්දාා අපි ගත්ත ඵක්ස් පිරියන්ස් කාපු කටු ඔයාලට ලියන්න හිතුනා.

ඉතින් රාත්‍රි 8.30 නයිට් මේල් ඵකට සෙට් උන අපේ කොල්ලො සෙට් ඵක
ජෙ.බි.ඵල් ඵකෙ සිංදුවක් අහගෙන පට්ටම ෆන් ඵකෙ ඔහියට යන අතරමගදි ඵකිනෙකාට උදව් කරමින් ඵ කියන්නෙ ට්රේන් ඵක ඵදාා ෆූල් නිසා ගොඩක් අය ගියේ හිටගෙන ඉතින් අපේ කොල්ලො සෙට් ඵක වෙලාසනින්ම සීට් අල්ලගත්ත නිසා සෙට් ඵකේ හැමෝම සැපට වාඩිවෙලා හිටියෙ.

අනිත් අයටත‍් ඉදගන්න චාන්ස් ඵකක් දෙමු කිව්වම අපේ උන්ටික පැනලා කැමති වුනේ මොකද ගොඩක් වෙලා ඉදගෙන අාපු නිසා උන් හිටියෙ හරිම අමාරැවෙන් අතපයෙ හිරි අැරගන්න බලාගෙන.

මට මතක විදියට අපි හිටියෙ අැන්ජින් ඵකෙ ඉදලා තියෙන තුන් වන පංතියෙ
තුන්වන මැදිරියෙ ඔහොම යනකොට රඔුක්කන ස්ටේසන් ඵකෙන් කෝච්චිය නවත්වලා ඉස්සරහට ටික දුරක් යනකොට කිහිලි කරැවකුත් අතින් ගත්ත ගොඩක් වයසක සීයා කෙනෙක් අපි හිටිය මැදිරියට ඵනවා. සීයා සම්මාදම් ඵකතුකරනවා ඉතින් සීයා කලෙක්ෂන් ඵක දාාන ගමන් කියනවා මම යන්නෙ බණඩාරවෙල ඉදගන්න දෙන්න බැරිද? කිසිම කෙනෙක් සීයට මුදල් දුන්නට සීට් ඵකනම් දුන්නෙ නෑ. සල්ලි දෙන්නම් සීට් ඵකනම් ඉල්ලන්න ඵපා දෙන්නෙනම් නැ වගේ
 මොකද දවස් තුනක නිවාඩු දවසක් නිසා බදුල්ලටම යන ගොඩක් අය
ඵකෙ හිටියා.

ඔන්න ඉතින් අපෙ ඵකෙක්(ප්‍රභාත්) ඵකපාරටම පැනපු ගමන් අහනවා සීයෙ සල්ලිද ඔන? සීට් ඵකද? වටෙ හිටපු අයටත් හිනා ගියා.
ඉතින් අපි සීයට ඉඩදෙනවා වාඩිගන්න ටික දුරක් යනකොට සීයා තනි සීට් ඵකම අයිති කරගෙන හොදමට ගොරව ගොරව නිදි. අන්තිමෙදි සීයා අපිට වාතයක් උනා සෙට් ඵකේ උන් කිව්වෙ උදව් කරන්න ගිහින් කෙලවගන්නව කියන්නෙ මෙන්න මෙව්වට බන් කියලා. ඉතින් ඉද හිට ඵයාගෙ කිහිලි කරැවෙන් පහරවල් කාපු අයත් හිටියා මොකද කට්ටිය ඵහාට මෙහාට යනකොට සීයගේ තුවාල කකුල සපත්තුවලින් පාගලා.

 ඉතින් මාරැවෙන් මාරැවට ලග හිටපු අයට කතා කරලා වාඩිගන්න චාන්ස් ඵකත් දුන්නා ඔය අතරෙ අපෙ ඵකෙක් (කොටා‍) ලග හිටිය ගර්ල් කෙනෙකුට ලයින් පාරකුත් දාාගෙන ඵ වැඩෙත් නියමෙට නැගලම යනවා.

දැන් ඉතින් ගමනෙ ලස්සනම හරිය කොච්චිය බිංගෙවල් අතරින් කදු පල්ලම් වලින් ලස්සනට ඉදිරියට අැදෙනවා අැන්ජින් ඵකේ හෙඩ්ලයිට් ඵක කදු උඩ යනකාෙට මාරම ලස්සනට වංගු ගනිද්දි උස ගස් වලට ඵලිය වදිනවා පේනවා. බිංගෙවල් වලින් යද්දි සමහරක් හු කියනවා මර ලතොනි දෙනවා සෙට් ඵක නියම අාතල් ඵකක් ගන්නවා.

ඉතින් ඔන්න ඔහොම හැටන් වලට  ලගාවෙනකොට නියමම සීතලයි ඵත් ඵක්කම අපි දැක්කා ශ්‍රී පාදයෙ විදුලි පහන් දැල්වි තියෙන නියම දර්ශනයක් තරැ පිරැන නිල් අහසක්.  රත්‍රීයක ලස්සන කැමරා කාචයට ගන්න අපට හැකියාවක් තිබුනෙ නැ. ඵ වුනත් රාත්‍රියකට කදු මුදුනක තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න නම් බැ.

ඉතින් ඔහිය දුම්රිය ස්ථානයෙන් බැහැගත්ත අපි හීතලේ ගැහි ගැහි පැය දෙකකට විතර පසුව
හෝටන් තැන්න බලා පිටත් වෙනවා

ගමන පයින්ම යන නිසා අපිට පැය හතරක් විතර ගියා මොකද මගදි කොටාගන්න දෙවල් ගොඩක් තිබුන නිසාත් සොබාදහහමේ සුන්දරත්වයට වශී උන අපි සෙට් ඵක මංමුලා වුනා ඵ විතරක්ම නෙවෙයි
පොඩි බඩගින්නටත් කාලය ගෙවි ගියා . (ඔහිය _හොටන් තැන්න දුර කි.මි 11).

ලෝකාන්තය සහ බේකස් අැල්ල බලන්න යන්න අපිට පැය දෙක හමාරක විතර කාලක් ගතවුනා (දුර කි.මි 9ක්).

හොටන් තැන්නෙදි දවල්ට වඩේයි ,රොටියි කාලා
(රොටියක් රැ 50 යි, වඩේයක් රැ 30 යි). අාපසු යකාගේ පඩිපෙලට යන අපිට ගමේ යාලුවෝ සෙට් ඵකක් මුණ ගැහෙනවා ඉතින් ඵයාලා
සෙට් ඵක හිටියේ ඩ්‍රීන්ක් ඵකට සෙට් වෙලා දවල්ට කෑමත් කනගමන්. අපිටත් කතා කලා කෑම කන්න. දවල්ට කාලා හිටිය අපේ බඩ හිස් වුනා වගෙ අපට දැනුනා ඉතින් උන්ට බැහැ කියන්නත් බැරි නිසා අායෙත් හොදට සප්පායම් වුනා.

අාගන්තුක සත්කාර අපේ රටෙ උන්ට  ඉහලින්ම තිබුනට සමහරක් යුරෝපාකරයේ රටවල්වල ජීවත් වෙන සුද්දන්ට කාටවත් දීලා කාලා පුරැද්දක් නම් නැ.  ලග ඉන්න ඵකාගෙන් බඩගිනිද කියලවත් අහන්නවත් ඵයාලගෙ සිරිතක් නැ. ඵක ඵහෙම උනාට  ගොඩක් හොද මිනිස්සුත් ඉන්නවා ඵක මම අත්විදලා තියෙනව.

ඉතින් පට්ටම සතුටුයි මොකද අපි හිතපු නැති වෙලාවක නොහිතපු හමුවිමක් හරිම සුන්දරයි ඵයාලට හරි පුදුමයි මොකද අපි මෙච්චර දුරක් පයින් අැවිල්ලා අාපහු පයින්ම ලොකු දුරක‍් යනවට. ඵක විතරක්ම නෙවෙයි
උන් හිටියෙ බොන ට්‍රිප් ඵකක බොතල්ම 10 ය කට වැඩිය දවස් දෙකට ඉවරකරලා. අපි හිටියේ අැඩ්වෙන්චර් ට්‍රිප් ඵකක පටන්ගත්තු දවසෙම කි.මි 30 විතර පයින්ම අැදලා. ඵක තමයි ඵතන වෙනස.

රෑ කෑමත් හරි ඔන්න කියලා හිතාගෙන කෑම කාලා හවස 6.30 විතර වෙනකොට අපි යකාගෙ පඩිපෙලේ උගේ ගේ දොාර කඩම අපේ කුඩාරමත් ගහගෙන ලග තිබුන දියපාරකින් නා කියාගෙන ගිනි මැලෙකුත් ගහගෙන යකා ඵනකම් අැහැ අැරගෙන මග බලාගෙන ඉන්නවා. මොකටද මේ? යකා බලන්න.
නම යකාගේ පඩිපෙල උනාට ඵකෙ උඩ පහලට නැගලම උෟටත් ඵපා වෙලා යකා යන්න ගිහින්. දැන්නම් ඵතන ඵහෙම යකෙක් නැ කියලා අපි තෙරැම් ගත්තා. ඉතින් ඵතනට ඵ නම භාවිතාකරන්න අැත්තේ ඵ ගමන් මාරගයේ තියෙන අති දුෂ්කරතාවය නිසා වෙන්න අැති. ඉතින් සෙට් ඵකට හොදටම අමාරැයි මහන්සියි. සිතලට හොදට පොරවගෙන පුංචි අායුධයකුත් ලග තියාගෙන සෙට් ඵක චැට් ඵකක් දාගෙනම නිදාගන්න යනවා.

මතක තියා ගන්‍න අනිවා ටෙන්ටි ඵක අැතුලට ගමන් මලු දාාන්න කලින් පරික්ෂා කරලා බලන්න.
නිදාගන්න කලින් අපි හැමෝගෙම බැක්පැක් චෙක් කලා සත්තු සර්පයින් රිංගලා ඉන්නවද කියලා හොයලා බැලුවා ඵහෙම කලෙ නැත්නම් අනිවා  නිදාගෙනම මැරෙන්න තිබුනා
අපි ඵහෙම කලෙ හැමොගෙම ගමන් මලු කැලේ තැන තැන විසිකරලා තිබුන නිසා.

ඵවගෙම  තව දෙයක් කදවුරැ බදිද්දි තවත් අය අවට ඉන්නවනම් ඵයාලට අාසන්නයෙම ඔයාලගේ  කුඩාරමත් අටව ගන්න උත්සහ කරන්න මතක තියාගන්න. මම හිතන විදියට අාරක්ෂාවට හොදම දෙ තමයි හැමෝම ලගින් ඉන්න ඵක. හැබැයි සමහර අය මෙකට අකමැතියි. ඵක තම තමාගෙ කැමැත්ත අනුව තමයි.

ඉතින් සීතල රාත්‍රියකට පසු හැමෝම කඩිමුඩියෙ අවදිවෙනවා. තවත් ලස්සන දවසකට ඉර උදාාව කදු මුදුනකට වෙලා බලන් ඉන්න හරිම ලස්සනයි. අපි කදවුරැ බැදපු තැන තිබුන පුංචි දියපාරෙන් මුණ හොදගෙන උදෙ කෑම අරගෙන (ජෑම් සහ පාන්,බිස්කට්,තව පැණී රස ජාතිත් ගොඩක් තිබුනා).

හැමෝම අායෙත් ගමන් අාරම්භ කරනවා අද බලාපොරෝත්තුව බඹරකන්ද අැල්ල දුර කි.මි 14 ක්. අද ගොඩක් අමාරැම දවසක් මොකද යාලුවෝ දෙන්නෙක්ගේ කකුල් වල අාබාධයන් අැතිවෙලා (ප්‍රභාත් සහ කවිදු ) ඵයාලට අැවිදගන්න ගොඩක් අමාරැවෙන් තමයි හිටියෙ ඉතින් කලින්ම ගමනට අවශ්‍ය කරන බෙහෙත් ජාති(වෙදනානාශක සහ කෑම අජිර්නයට පෙති), බැන්ඩේජ්,බාමි ඵහෙම අරගෙන අාපු නිසා අපෙ සෙට් ඵකේ රටේ වෙදාා (කොසිදු) ඵයාලට නියමෙට ප්‍රතිකාර කලා. දැන්නම් යන්තමට ඵයාලට සුවයි.

ඉතින් මග දිගේ තිබුන පුංචි දිය පාරවල් වලින් තිබහට හිස්වුන බොතල් වලට වතුර පුරවගෙන දැකපු ලස්සන තැන් කොටාගෙන හෙමින් සැරෙ අපි වෙස්ට් හපුතලේ පසුකරමින් මගදිගෙ වෙහෙස නිවාගෙන දහවල් ඵකයි තිහට විතර බඹරකන්ද අැල්ල පෙන මානයට සෙන්දු වෙනවා.(පැය පහකට පස්සෙ)   දැන්නම් මාරම සතුටක් ඵදාා ගොඩක් අය බඹරකන්ද අැල්ල නරඹන්න වාහන වලින් කළුපහන හරහා බඹරකන්දට අැවිත්. දිය අැල්ල බලන්න ලගටම යන්නවනම් රැ 30 ප්‍රවේශපතක් මිලදි ගත යුතුයි. ඵහෙම කරන්නෙ ඵම ස්ථානය සංවර්ධනය කරන්න.
ඉතින් ලංකාවේ පලමු වෙනි උසම දියඅැල්ලත් කොටා ගෙන අපේ ඊලග ට්‍රයි ඵක ලංකා අැල්ල බලන්න. දැන් ඉතින් මග පෙන්වන්නෙ අපේ සෙට් ඵකෙ ගයිඩ් කොසිදු.
ඵයා මග වරද්දගෙන අපිට ගොඩ ඵන්නම බැරි හෙලකට අරන් ගියා. පාර වැරදයි යකෝ අාපහු යමන් සමහර අය කිව්වම මු ගනන් ගත්තෙම නැ.
මම හිතන්නෙ අපි ජීවිතෙටම  කරගත්තු ලොකුම ගොන්කම උගෙ පස්සෙ තවත් දුර ගිය ඵක. ඵදාා අපිට යන්තමට හරි වැරදුනානම් අද මෙක ලියන මමත් අපෙ අනිත් උනුත් මහපොලවට යට වෙලා.

අපේ ජීවිතයත් මරණයත් අතර තිබුනෙ අඩියක දෙකක පරතරයක් විතරයි. ලොකු සටනක් කරලා හැමොම ඵකමුතු වෙලා පට්ටම ගෙමක් දීලා අමාරැවෙන් බැස්ස හෙලෙන් අාපහු ගොඩට නගිනවා ඵකත් පැය ඵකහමාරකට විතර පස්සෙ. පය ලෙස්සුවනම් අපි සෙට් ඵක නවතින්නේ විශාල ප්‍රපාතයකට වැටිලා කෑලි වලට කැඩිලා.

ඉතින් ඵතනින්ම ලංකා අැල්ල බලන්න තිබුන අාශාව අපි අතහැරගන්නවා. දැන් ඉතින් යකෙක් කන්න බඩගිනියි ලග තිබුන ගෙදරක කරගෙන යන කෑම කඩෙකට රිංගලා දවල්ට බඩ පැලෙන්න බත් කනවා මොර කරවලත් ඵක්ක මංඤෙක්කා. තවත් මාලු ජාති ගොඩක් තිබුනා ඉතින් නියමෙට සප්පායම් වෙලා රෑට කන්න පැකට් කොත්තුවකුත් හදාාගෙන දැන් සෙට් ඵකේ අාශාව උනෙ වංගෙඩි ගල නගින්න. කකුල් කැඩුනට අපෙ උන්ගෙ හිතේ හයිය චුට්ටක්වත් අඩුවෙලා තිබුනෙ නැ. උන් හැමවෙලෙම කිව්වෙ හැමදාාම නිවාඩු නැ බන්
ඔන තැනක යමු කියලා.

ජොතිරත්න අයියගෙන් (දවල් කෑම කාපු තැන කඩේ අයියා) ගමන් විස්තර අහගෙන මැප් ඵකක් ඵහෙම අැදගෙන වංගෙඩි ගල නගින්න තමයි දැන් සුදාානම. වංගෙඩිගල හරිම ලස්සනට බඹරකන්ද පාමුලට බලාගන්න පුලුවන්. ඵහෙම දකිනකොට බලාගෙන ඉන්න හිතේ හයිය තියෙන උන්ට නම් බැ.
කදු මුදුනට යන්නම තමා හිත කියන්නෙ.දැන් වෙලාව හවස හතරයි මහ වැස්සකට පෙරනිමිති පහල වි අැත ඉතින් අපි මහ කැලෙ අතරමං වෙවිදොා කියා පුංචි තිගැස්මක් හිතෙ නැතිවාම නෙවේ. සෙට් ඵකේ හැමොම කිව්වෙ යමන් බන් යමන් කියලා. කකුල් කැඩුන උන් කිව්වේත් ඵකමයි.

ගමේ අය කිව්වේ ඊයෙත් සෙට් ඵකක් හවස යන්න ගිහින් කැලේ මැද අතරමං වෙලා මහ රෑ වරැසාවටත් මැදි වෙලා ගමේ අය ඵකතු වෙලා හොයාගෙන අාවා කියලා. ඵයාලගෙ වෙලාවට කඩෙ අයියගෙ මොබයිල් නම්බර් ඵක කවුරැහරි මොලේ තිබුන කෙනෙක් ඉල්ලගෙන තිබිලා ඊටත් වැඩිය ඵයාලා හිටපු ඉසව්වට සිග්නල් තිබිලා තියෙනවා හැබැයි ගොඩක් තැන් වලට නම් නැ.

හැමදෙටම ඔට්ටුයි කියලා මැප් ඵකත් ඔලුවට දාාගෙන දැන් ඉතින් පාර හොයාගෙන ගම්මානයක් මැදින් අැලවේලි කුඹුරැ යායවල් මැදින් අහගත්ත මංසලකුණු දිගෙ වංගෙඩිගලට යන අතරමග පුදුම හිතෙන ලස්සන පරිසරයකට සෙන්දු වෙනවා වටෙම කදු යායවල් වලින් වට වෙලා අපි හිටිය තැන අපිටම අමතක වෙන තරම්ම ලස්සන පරිසරයක්.

සොබාදහමේ ලස්සන විදිමින් ඉදිරියටම යන ගමන් පට්ටම ලස්සන දොාල පාරක්. ඵකෙක් කියනවා නාමු බන් නාමු නමුත් තව ඵකෙක් දැන් හොදටම හවස් වෙලා යමන් යකෝ වෙලාව මදි කළුවර වැටෙන්නත් ලගයි හෙටම නාමු නමුත් කව්රැවත් කැමති වුනේ නම් නැ ඵතනින් නොනා යන්න.

මොකද ගොඩක් දුර පයින්ම අැවිත්
මහන්සි නිසාත් හොදට නාගන්නත්
බැරිවුන නිසා මෙ ගමන අාවෙත් ෆන් ගන්නම ඔන නිසා අපි තිරණය කලා රෑවුනාට අවුල්ක් නැ නාන්නම ඔන කියලා. හරි ඵහෙනම් විනාඩි පහලවයි නාමු හැමොම කැමතියි . සෙට් ඵකම හිතෙ හැටියට හොදට නාගන්නවා සමහර උන් සබනුත් ගානව උන්ටනම් ගෙදර වගෙ පට්ටම අාතල් නියම ෆන් ඵකක් ගන්නවා.

 දැන් වෙලාව හවස පහටත් ලං වෙලා යමන් යකුනේ. සෙටි ඵකටම දැන්  තමයි හරියටම තෙරැම් ගියේ තව පැය ඵකහමාරක් දුර මහ කැලෙ මැද්දෙන් කන්ද උඩට යන්න ඔන කියලා.

ඉක්මනටම අැදුම් දාාගෙන කුඩැල්ලන්ගෙන් බේරේන්න සිද්ධාලේප කකුල්වල දනහිය තෙක්ම උලාගෙන අායෙත් කැලේ මැදින් අදුර කපාගෙන අඩි පාරවල් දිගේ හේන්ගොවිතැන් කරලා පාලුවට ගිය ප්‍රදෙශයන් පහුකරගෙන ගමනෙ දුෂ්කරම තැනට ලගාවෙනවා.

දැන් ඉතින් අමාරැවෙන් ගමන් මලුත් කර ගහගෙනම කන්ද නගින්න පටන් ගන්නවා. ඉතින් යනවා යනවා  ඉවරයක් නම් නැ මොකක්ද බන් මෙකෙ තෙරැම ඵකෙක් මුමුණවා අැහෙනවා.  ඔන්න ඉතින් පැය ඵකහමාරකට පස්සෙ හවස 6.30 ට විතර වංගෙඩි ගල කදු මුදුනට අපි ලගාවෙනවා. කදු මුදුනෙදි හැමාේගෙම හිත ගියෙ ඉර බැස යන ලස්සන දර්ශණයකට අෑතින් බඹරකන්දත්, බඹරකන්ද දිය අැල්ලත් , බදුල්ලට යන ප්‍රධාන මාර්ගයත්,සිමාවන් කිවනොහැකි අෑතින් පෙනෙන කදුයායවල්, කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ රාශීයක්ම දැකගත හැකි ඉතාම සුන්දර දෙනෙත් වශී කරන දර්ශනයන් දැක ගත හැකි කදු මුදුනක්  තමයි වංගෙඩි ගල කියන්නෙ.

දැන් ඉතින් හොදටම කළුවර වෙලා ඉක්මනටම කුඩාරමත් අටවගෙන ගිනිමැලෙකට දර හොයන්න කිහප දෙනෙක් අායෙත් කැලෙට රිංගනවා දර කපන්න ගස්බඩගාන්නත් අපේ උන්ට සිද්ධ උනා. ගිනි මැලෙත් ගහගෙන ජෙබිඵල් ඵකේ සිංදුවකුත් අහගෙන රෑට ගෙනාපු කෑම කන ගමන් අලගිය වැලගිය තොරතුරැ කතා කර කර තරැ පිරැන නිල් අහස යට සද ඵලියෙ පට්ට සීතලෙ සිංදුවකට වැහි නැටුමකුත් කට්ටිය ඵකතු වෙලා නටලා හැමොම ඵදාා දවස හොදට විනොද වුනා.

මැදියම් රාත්‍රීයෙ දි වරින් වර අැහැරි  බලන විට දකින්නට ලැබුනෙ කුඩාරම අැතුලට පිනි වැටෙනවා ඵච්චරටම තද සීතලක් සුලගත් තිබුනා. ඉතින් කුඩාරම අැතුලෙ පුංචි විදුලි පහනක් දල්වා තියන්න අපි අමතක කලෙ නැ ඵහෙම කලෙ කළුවරට තිබුන බය නිසාම නෙවේ උෂ්නත්වය රදවා ගන්නත් රෑට ගොරවන උන් හොයන්නත්. සීතල වැඩිනිසා කාටවත් ඵදාානම් සැපට නින්ද ගියෙ නම් නැ.

හිමිදිරියෙම අවදි වුන අපි මුලින්ම කලේ ලස්සනට ඉර පායනවා බලපු ඵක ඉතින් ඊට පස්සෙ කන්ද උඩ තිබුන ලස්සන තැන් කොටා ගත්තු ඵක තමයි කලෙ. මම හිත්න්නෙ සොබාදහමේ ලස්සන අැස් දෙකෙන් දැකලා විදින තරමට ඵ සුන්දරත්වය පිංතුරයකින් දකින්න අමාරැයි.

ඊටත් පස්සෙ දිය පාරකින් වතුර ඵකතු කරලා ලග හිටිය අනෙක් කුඩාරමෙ අය ඵක්ක තේ හදාගෙන උදෙට කාලා තේ බීලා දැන් සුදාානම ගෙදර යන්න. කුඩාරමත් අනෙකුත් සියළුම දෙත් අාපසු පැක් කරගෙන ගිනිගොඩවල් වලට වතුර වත්කරලා බඹරකන්දෙන් පහලට ‍බහින ගමන් මග දිගෙ විසි කරලා තිබුන ප්ලාස්ටික් බෝතල්, බෑග් ඵකතු කරන්නත් අපෙ අය අමතක කලේ නැ.  ඉතින් ඔය විදියටම පැය තුනකට විතර පස්සෙ අපි කළුපහන ප්‍රධාන මාර්ගයට ලගාවුනා. දවල්ට අඹගහ යට කඩෙන් කෑමත් සප්පායම් වෙලා දැන්නම් අපෙ අදහස වෙලා තිබුනෙ ඩබල් බීජ් ඵකෙන් හොදට නාගන්න. නමුත් සෙට් ඵකෙ අනිත් අයගෙ කැමැත්ත උනෙ නාගෙනම උඩදියලුමත් බලන්න යන්න. ඉතින් නිවාඩුවත් ඉක්මනටම ඉවර වුන නිසා ඵ ගමන අපි තවත් දවසකට යන්න ඉතිරිකරගෙන හිතෙ හැටියට නාගෙන
අාපසු ගමරට බලා කරැණාකරනවා පාරේ බස් ඵකෙන්.

ඉතින් වැඩෙ උනෙ මෙ විදිය තමයි අපි ඔයාලට ගයිඩන්ස් දෙන්නම් මෙ ට්‍රැකින් ඵක කරන විදිය. අවශ්‍ය අය කමෙන්ට් කරන්න.

https://www.facebook.com/srilankatravelguys/https://www.youtube.com/channel/UCsh-d_eLNHBmw0Fs-0J0kvA

Comments